අත්‍යවශ්‍ය ඖෂධ වර්ග දෙකක් ගෙන්වන්න රජයෙන් පියවර

වකුගඩු රෝගීන්ට සහ මාරාන්තික ආසාදන සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ වර්ග දෙකක් මිලදී ගැනීම වෙනුවෙන්, පිළිවෙළින් රුපියල් මිලියන 990ක සහ අමෙරිකානු ඩොලර් 702,000ක වටිනාකමකින් යුත් ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු දෙකක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය මණ්ඩල තීරණවල දැක්වෙන්නේ, උග්‍ර හෝ නිදන්ගත වකුගඩු අකර්මණ්‍යතාවයෙන් පෙළෙන රෝගීන්ගේ ‘ඩයලයිසිස්’ (Dialysis) රුධිර කාන්දු පෙරීමේ ප්‍රතිකාරය සඳහා භාවිත කරන විශේෂ ඖෂධීය තරල බෑග් මිලියන 1.1ක් මිලදී ගැනීමට අනුමැතිය ලැබී ඇති බවයි. රුධිර කාන්දු පෙරීමේදී රෝගීන්ගේ සිරුරෙන් අපද්‍රව්‍ය සහ අතිරික්ත තරල ඉවත් කිරීම සඳහා මෙම ඖෂධය භාවිත කෙරේ.
ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඉදිරිපත් වූ ලංසු ඇගයීමෙන් අනතුරුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව, මැලේසියාවේ ‘Peritone Health SDN BHD’ සමාගම විසින් නිෂ්පාදනය කරන අදාළ ඖෂධ තොගය මිලදී ගැනීමේ රුපියල් මිලියන 990ක කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකාවේ ‘Infuxion Lanka (Pvt) Ltd’ සමාගම වෙත පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
මාරාන්තික ආසාදන සඳහා වන ඖෂධය
මේ අතර, දිලීර ආසාදිත මෙනින්ජයිටිස් (Cryptococcal meningitis) සහ විසරල් ලීෂ්මේනියාසිස් (Visceral leishmaniasis) ඇතුළු මාරාන්තික ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන මිලිග්‍රෑම් 50 ‘Liposomal Amphotericin B’ එන්නත් කුප්පි 54,000ක් මිලදී ගැනීමටද කැබිනට් අනුමැතිය හිමිවිය.
අදාළ ඖෂධය නිෂ්පාදනය කරනු ලබන ඉන්දියාවේ ‘Gufic Biosciences Ltd’ සමාගම වෙත ගුවන් ප්‍රවාහන ගාස්තුද ඇතුළත්ව අමෙරිකානු ඩොලර් 702,000ක වටිනාකමකින් යුත් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට අනුව, ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත අවම සාරභූත ප්‍රතිචාරාත්මක ලංසුකරුවන් වෙත මෙම ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු දෙකම පිරිනමා ඇත.




