සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කෙරෙන ‘රත්මලානේ සායිමා’ තවත් සැකකරුවන් දෙදෙනෙකු සමඟ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මැලේසියානු බලධාරීන් විසින් එරට සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැක කෙරෙන ‘රත්මලානේ සායිමා’, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකයට ලක්ව සිටින පුද්ගලයෙකි.


