COVID -19 පාලනය කිරීමට ලංකාවට හැකිවීම පිළිඹඳව ජනපතිට පැසසුම්

“AUGUST FEATURE COUNTRIES – A MONTHLY SELECTION OF CASE STUDIES” යනුවෙන් කොවිඞ් වසංගතය පිළිබඳව සිය නවතම වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර තිබේ.

මෙම වාර්තාවේ අරමුණ වන්නේ සාමාජික රටවල් කොවිඞ්-19 පිළිබඳව ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ලබාදීමයි. එම වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳව 75 පිටුවෙහි සිට 88 පිටුව දක්වා තොරතුරු ඇතුලත් වන අතර කොවිඞ්-19 වසංගතයට ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරය වේගවත්, තීරණාත්මක හා මනා සම්බන්ධීකරණයකින් යුතුව සිදු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය හා සෘජු තීන්දු ගැනීම මනා පිටුවහලක් වූ බවයි එහි දක්වා ඇත්තේ.

වසංගතයකට ප්‍රතිචාර දැක්වීම, ජීවිත බේරා ගැනීම සහ ජනගහනය ආරක්ෂා කිරීම, අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම, ක්‍රියාශීලී හා වේගවත් ක්‍රමවේදය, ශක්තිමත් නායකත්වය සහ එයට ඒකාබද්ධ වූ මහජන සෞඛ්‍ය අංශ මෙන්ම මහජනතාවගේ කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාව අද පවතින සාර්ථක තත්ත්වයට පත්ව ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *