මාධ්‍යවේදීන්ගේ දියුණුවට වරලත් ආයතනයක්

මාධ්‍යවේදීන්ගේ සුභසාධනය වෙනුවෙන් වරලත් ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා  ආරියරත්න පාර්ලිමේන්තුවේදී පැවසීය.

මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය තහවුරු කිරීම මෙම ආයතනය පිහිටුවීමේ අරමුණ බවද ඇය සඳහන් කළාය.

ජන මාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව මේ වසරේදීද ලබාදෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *