පලස්තීන විදේශ අමාත්‍යවරයා ළඟදීම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි.එම්. කලීල් ඊයේ පෙන්වා දුන්නේ විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් පලස්තීන විදේශ අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනාවක් කර ඇති බවයි.

අමාත්‍ය විජිත හේරත් විසින් පලස්තීන විදේශ අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස කළ ආරාධනය පලස්තීනයට කරන ලද මහත් ගෞරවයක් ලෙස සලකන බව ඔහු පැවසීය.

පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රජය අඛණ්ඩව ලබා දෙන සහයෝගයට කෘතඥතාව පළ කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළ කළේය.

විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීනයට අදාළ යෝජනාවලදී ශ්‍රී ලංකා රජය විසින් ලබා දෙන ලද නොසැලෙන සහයෝගයට තානාපතිවරයා පලස්තීන රජයට විශේෂ ස්තූතිය පළ කළේය.

දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර මට්ටමින් පලස්තීනුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් පලස්තීන ජනතාව ශ්‍රී ලංකා රජයට ස්තූති කරන බව තානාපති ඉහාබ් අයි.එම්. කලීල් තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *