ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එහි පද්ධතියේ ඇති වූ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
පද්ධතිය යථා තත්ත්වයට පත් කළ වහාම සේවාවන් නැවත ආරම්භ කරන බව දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ගැටළුව විසඳා සාමාන්‍ය මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට නිලධාරීන් දැනට පියවර ගනිමින් සිටී.
වැඩිදුර තොරතුරු සඳහා 011 210 1540 හෝ 011 210 1545 හරහා දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වන ලෙස හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.


