නිදහස් දා නිදහස් කරන්න සිටි සිරකරු පැන ගිහින්

මාතර බන්ධනාගාරයේ සිරකරුවකු අද සවස බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගොස් ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මෙසේ පලාගොස් ඇත්තේ නිති විරෝධි මත්පැන් සන්තකයේ තබා ගැනිම සම්න්ධයෙන් වරදකරුවි සිර දඩුවම් ලබා සිටි පානදුර කුරුප්පුමුල්ල පදිංචි කරුවෙකි.

ඔහු අද සවස බන්ධනාගාර අධිකාරිවරයාගේ නිල නිවසේ සේවයේ යොදවා සිටියදි බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලාගොස් ඇත.

මෙම සිරකරුවාගේ යහපත් හැසිරිම නිසා මෙවර නිදහස් දිනයේ නිදහස් කිරිමට නියමිත සිටි බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *