සබරගමුව, රත්නපුර, ඇඹිලිපිටිය, සීතාවකපුර සහ කෑගල්ල පොලිස් කොට්ඨාස තුළ සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 120 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
එහිදී හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබූ අතර බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් සැකකරුවන් 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
එම විශේෂ මෙහෙයුමේදී වරෙන්තුකරුවෝ 23 ක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අපරාධ වැළැක්වීම සදහා මෙම මෙහෙයුම ඊයේ රාත්‍රී 6.00 සිට 10.00 දක්වා ක්‍රියාත්මක විය.
මෙම මෙහෙයුම් සදහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව ඇතුළු ආරක්ෂ අංශ නිලධාරීන් 900 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ.