සංචරණ සීමා කඩකළ 718 දෙනෙකු අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 718 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී රථ වාහන 73ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 61,006 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත තුළ ස්ථාපිතකර ඇති මාර්ග බාධක 13කදී බස්නාහිර පළාතෙන් පිටවන සහ ඊට ඇතුළුවන වාහන 1,258ක් සහ පුද්ගලයින් 2,082 දෙනෙකු ඊයේ (28) දිනයේ පරික්ෂාවට ලක්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *