කාන්තාවකගේ නිරුවත් පින්තූර සමාජ ජාල වලට මුදා හරින බව පවසමින් කප්පන් ගැනීමට තැත් කළ තරුණයින් දෙදෙනා රිමාන්ඩ්

කාන්තාවකගේ ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සකසා සමාජ මාධ්‍ය වෙත යොමුකරන බවට තර්ජනය කරමින් කප්පම් ලබගැනීමට උත්සහාකළ තරුණයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා එම කාන්තාවගේ ඡායාරූප “ෆේස්බුක්“ ඔස්සේ ලබා ගෙන ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇත.

ඇඹිලිපිටිය පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක දී එම තරුණයින් දෙදෙනා ඊයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් දෙදෙනා සතුව තිබි පරිගණක දෙකක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 23ත් අතර වයස්වල පසුවන පොළොන්නරුව සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් අද ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *