අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැ.කි.මී 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මී 50 දක්වා තද සුළං ඇති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *