මෙරට පළමු කොවිඩ් ව්‍යාප්තියත් සමග ආරම්භ වූ “ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල” සඳහා පසුගිය ඔක්තෝම්බර් මස 31 වෙනිදා වන විට රුපියල් 1,668,379,121.74ක ශේෂයක් ඇති බවත්, එම මුදලෙන් අද දිනය වන විට රුපියල් 402,190,701ක මුදලක් වෙන් කොට සහ වැය කර ඇති බවටත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
එමෙන්ම මේ දක්වා දක්වා සිදුකර ඇති PCR පරීක්ෂණ සඳහා රුපියල් 42,605,812.00ක පිරිවැයක් දරා ඇති බවත්, නිරෝධායන පහසුකම් සඳහා රුපියල් 38,031,065.00 වැයකොට ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කොවිඩ් මර්දනය සඳහා යම් ආයතනයකට මුදල් අවශ්‍ය වූ විට කමිටුවේ අනුමැතිය ඇතිව එම මුදල අදාළ ආයතනය විසින් රජයේ ප්‍රසම්පාදන නියමයන්ට යටත්ව වියදම් කරන අතර අරමුදල කරනුයේ මුදල ප්‍රතිපුර්ණය කිරීමකි. එමෙන්ම කිසිදු අවස්ථාවක කමිටුව විසින් සෘජු මිලදී ගැනීමක් හෝ සෘජු මුදල් වැයකිරීමක් නොකරන බවත්, අරමුදලේ ගණුදෙනු ජනාධිපති කාර්යාලයේ ගිණුම් අංශය විසින් රජයේ විගණකාධිපතිවරයාගේ පූර්ණ විගණනයකට යටත්වය සිදුකරන බවත් දන්වා සිටියි.
ඉටුකම අරමුදලේ මුදල් වියදම් කිරීම පිළිබඳව කළමනාකරණ කමිටුව මගින් අනුමත කළ ක්‍රියාකාරකම් පහතින් දැක්වේ.