පූජ්‍යපාද දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධුරයට

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධුරයට පූජ්‍යපාද දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් පත්කර තිබේ. අදාළ පත්වීම් ලිපිය අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අද (20) උන්වහන්සේ වෙත පිළිගැන්වු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය පූජ්‍යපාද කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන් වහන්සේ විසින් මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවන ලද අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍යපාද වටිනාපහ සෝමානන්ද හිමියන් විසින් පිළිගැනීමේ කතාව සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *