Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ත්වත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු මට්ටක්කුලිය සහ ගොතටුව යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

සිනමන් ග්‍රෑන්ඩ් සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට බෝම්බ ප්‍රහාර එල්ල කල පුද්ගලයින් සදහා මෙම සැකකරුවන් සහය ලබා දී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා වැඩිදුරටත් සදහන් කළා.

ඔබේ අදහස