දිවයිනට පැමිණෙන සියලුම මගී ගුවන් යානා සඳහා පනවා ඇති ගුවන් ගමන් තහනම ලබන අප්‍රේල් 07 වනදා දක්වා දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
මෙම ගුවන් ගමන් තහනම මෙම මස 31 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණු අතර ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණයට එළඹී ඇත.