2025 වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ලංගම බස් රථ රියදුරන් 97 දෙනෙකුට සහ කොන්දොස්තරවරුන් 64 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කාලයේ ලංගම පාඩු ලබන විට එය නඩත්තු කිරීමට භාණ්ඩාගාරය හරහා මුදල් ලැබුණු බවයි.
“මුදල් ලැබුණේ ඍජුව නොව ණය වශයෙන් පාඩු ලබන ආයතන පවත්වාගෙන යාමටයි.ඒ මුදලින් පාඩු ලබන ආයතනවල වැටුප් ගෙවීමට හා අනෙකුත් වියදම් පියවා ගැනීමටයි.දැනට රටක් ලෙස ණය ගෙවීමට හැකියාවක් නැත. වාරික, ඒ නිසා අලුතින් ණය ගන්න බැහැ,” ඔහු පැවසීය.
“ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංගමයට ලැබුණු අලුත් බස් රථ සඳහා රුපියල් මිලියන 11.5ක් වැය වෙනවා. එම ණය ඉන්දියාවට ගෙවීමට බස් රථයකට දිනකට අවම වශයෙන් රුපියල් 5000ක් වැය වෙනවා. ඒ නිසා සෑම බස් රථයකටම මාසිකව රුපියල් 150,000ක් වියදම් කළ යුතුයි.” ඔහු වැඩිදුරටත් පැවසීය.
“එබැවින් තමන් රාජකාරියෙන් උපයන සියලුම මුදල් ලංගමයට ලබාදීමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතුයි. උදේ අවදිවී සෑම මගියෙකුටම නියමිත වේලාවට බස් රථයේ නැගී ප්‍රවේශපත්‍රයක් ලබාදී එයින් ලැබෙන මුදල ලංගමයට ලබාදීම කාගේත් වගකීමකි.
“ඒවගේම මුල්‍ය වංචාවන් සිදු නොකිරීමට සියලු දෙනාම ප්‍රවේශම් විය යුතුයි.මූල්‍ය වංචා දූෂණ කරන අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.මූල්‍ය වංචා නිසා ලංගමයට දිනකට රුපියල් ලක්ෂ 20ක මුදලක් අහිමි වෙනවා. .
“ශ්‍රී ලංගමයේ පියාසර බළකායේ ඇතැමුන් ටිකට් වංචාවකට සම්බන්ධ බවට ලැබුණු වාර්තා නිසා එම ඒකකය පසුගිය සතියේ විසුරුවා හැරියා.නව අල්ලස් පනතට අනුව වංචා දූෂණවලට සම්බන්ධ අය සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් විමර්ශන ක්‍රියාවලියක් තිබෙනවා.
“ඉදිරියේදී වංචා දුෂණ වාර්තා කිරීමට නව දුරකථන අංකයක් ලබාදෙනවා.මෙම අංකය හරහා වංචා දුෂණ වාර්තා කරන්න පුළුවන්.පැමිණිලිකරුවන්ගේ රහස්‍යභාවය අපි ආරක්‍ෂා කරනවා.වංචා කරන, හිරිහැර කිරීම්වලදී ඔබ වෙනුවෙන් පෙනී සිටින කිසිවකු ආරක්‍ෂා කරන්නේ නැහැ. රැකියා ස්ථානයේ හෝ පිටත හෝ වේවා” අමාත්‍යවරයා පැවසීය.