දෙසැම්බර් 01 සිට සියලුම අභ්‍යාස පොත් මිල 18% කින් පහළට

දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා සියලුම අභ්‍යාස පොත්වල සිල්ලර මිල 18% කින් අඩු කරන බව ජාතික පොත් වෙළෙඳුන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
2027 ජාතික අයවැය මගින් යෝජනා කරන ලද එකතු කළ අගය මත බදු (VAT) නිදහස් කිරීම් සහ බදු සහනවල සෘජු ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා මෙම මිල අඩු කිරීම සිදු කෙරෙන බව එම සංගමය සඳහන් කරයි.




