2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමට අද ලංකා කණ්ඩායම දකුණු කොරියානු කණ්ඩාම සමඟ තරඟවදී

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තවත් තරගයක් සදහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සහභාගි වේ.
ඒ සත්කාරක දකුණු කොරියානු පාපන්දු කණ්ඩායමට එරෙහිවයි.
එම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 4 යි 30 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස සුජාන් පෙරේරා කටයුතු කරන අතර කවිදු ඉෂාන් සහ වසීම් රාසික් උප නායකයින් ලෙස කටයුතු කරයි.

ආසියානු එච් කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්ව සිටියි.

දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් සටහනේ 39 වන ස්ථානයේ පසුවන අතර රටවල් 210 ක් ශ්‍රේණිගත කර ඇති එම සටහනේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හිමිව ඇත්තේ 204 වන ස්ථානයයි.

පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ලෙබනනයට එරෙහිව ඉකුත්දා පැවැති තරගයේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සුජාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *