2021 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනිමට අදාළ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයේ මෙතෙක් රවි කරුණානායක මහතා දැරූ උප නායකත්වය සඳහා හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
එහිදී නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක නවීන් දිසානායක සහ භාණ්ඩාගාරික මිස්බා සතාර් මහත්වරුන්ගේ තනතුරුවල වෙනසක් සිදු නොවුණු අතර නව මහ ලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර සහ සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන මහත්වරුන් පත් කර ගැණිනි.
උප සභාපති තනතුර සඳහා සිව් දෙනෙක් කළ අතර සාගල රත්නායක, ඩී.එම්. ස්වාමිනාදන්, දයා ගමගේ මහත්වරුන් සහ සුනේත්‍රා රණසිංහ මහත්මිය නව උප සභාපතිවරු වෙති.
නියෝජ්‍ය මහ ලේකම් ලෙස නාලක කොලොන්නේ, ජාත්‍යන්තර එ.ජා.ප. සංවිධාන කටයුතු ලේකම් සහ පළාත් පාලන කමිටු සභාපති ලෙස සන්දිත් සමරසිංහ, මුදල් කමිටු සභාපති ලෙස ආනන්ද කුලරත්න මහත්වරුන්ද පත් විය. පරිපාලන ලේකම් ලෙස අනෝමා ගමගේ මහත්මියද පර්යේෂණ සහ ප්‍රතිපත්ති සැලසුම් සංවර්ධන අංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාද පත් විය.
මෙතෙක් පක්ෂයේ උප නායක ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා තමන්ට මහලේකම් ධුරය නොලැබෙන්නේ නම් වෙනත් තනතුරු අනවශ්‍ය බව කියමින් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමට සහභාගි නොවූ බවටද සිරිකොත ආරංචි මාර්ග සදහන් කරයි.