Sri Lanka tops at most losses in ODI cricket

20-20 සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මස මුලදී එක්දින සහ 20-20 තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ සහ බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.

20-20 තරගාවලියට එක්වන විසි දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර, ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමි ව ඇති බව වාර්තා වේ.

එම 20-20 සංචිතයේ නායකයා ලෙස වනිඳු හසරංග නම් කර ඇති අතර, උපනායකයා චරිත් අසංලක බව වාර්තා වේ.

ඇන්ජලෝ මැතිව්ස් යළිත් ශ්‍රී ලංකා 20-20 සංචිතයට කැඳවා ඇත්තේ 2021 වසරෙන් පසුවයි.

භානුක රාජපක්ෂ, බිනුර ප්‍රනාන්දු සහ අකිල ධනංජය ද 20-20 සංචිතයට නම් කර තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහතින්,

වනිඳු හසරංග
චරිත් අසලංක
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
දසුන් ශානක
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
මහීෂ් තීක්ෂණ
නුවන් තුෂාර
කුසල් ජනිත්
භානුක රාජපක්ෂ
කමිඳු මෙන්ඩිස්
මතීෂ පතිරණ
දුනිත් වෙල්ලාලගේ
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩර්සේ
චාමික කරුණාරත්න
බිනුර ප්‍රනාන්දු
ප්‍රමෝද් මධුෂාන්
ඩිල්ශාන් මධුශංඛ
දුෂ්මන්ත චමීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *