20 වැනි සංශෝධන කෙටුම්පත ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති අතර, ඒ අනුව එළඹෙන 22 වැනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (17) ප්‍රකාශ කර සිටියේ ගැසට් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බවයි. එමෙන්ම ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ 20 වන සංශෝධනයේ වගකීම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය භාරගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *