20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජවිපෙ විරුද්ධයි

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි පැවති යම් යම් සාධනීය කාරණා පවා ඉවත් කර ඒකාධිපතිත්වයකට මාර්ගය සකස් කර ගැනීම එහි අරමුණ වීම හේතුවෙන් තම පක්ෂය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා ඇත්තේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය තව වැඩිදියුණු කිරීම නම් ඒ වෙනුවෙන් සිය පක්ෂය සහයෝගය දක්වන බවත්, 19හි තිබූ යම්කිසි සාධනීය කාරණා පවා නැවත හැරවීමට උත්සාහ කිරීම නිසා කිසිසේත්ම 20 වැනි සංශෝධනයට එකඟ විය නොහැකි බවයි.

20 වැනි සංශෝධනයේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම, ජනාධිපතිවරයාට තිබුණු බලය තහවුරු කිරීම, හමුදාපති, පොලිස්පති, ශේෂ්ඨාධිකරණ විනිසුරුවරු වැනි ප්‍රධාන නිලයන් පත් කිරීම පවා ජනාධිපතිවරයාගේ තනි මතයට සිදුවීම, නිදහස් රාජ්‍ය සේවයක්, නිදහස් අධිකරණයක් නොමැති වීම යන කාරණා ඇතුලත්ව ඇති බවත් ඉදිරියේදී ඡන්දය භාවිත කළ මිනිසුන්ට එය පාරාවළල්ලක් විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *