20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවේ

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතට ඊයේ (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව ඇති අතර ඉදිරිපත් කෙරුණු කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරීමටද අනුමැතිය හිමිවූ බව වාර්තා වේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තු ධුර කාලය වසර 5 කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන දෙවරකට සීමා වීම හැරුණු කොට 19 වන සංශෝධනයේ සෙසු සියලු කරුණු ඉවත් කිරීමට පනත් කෙටුම්පතින් තීරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *