ආරච්චිකට්ටුව ආනවිළුන්දාව රැම්සා තෙත්බිම් රක්ෂිතයේ කඩොලාන ශාක විනාශ කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුව පොලීසිය විසින් ඊයේ (22) දින අත්අඩංගුවටගෙන ඇති බවත්, සිදුකර තිබූ විනාශයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අදාළ සැකකරුවන් අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටින්නේ වනාන්තර විනාශ කිරීම් සහ පරිසරය දූෂණය කිරීම් පිළිබඳව පොලීසිය විසින් ක්ෂණික වැටලීම් සිදුකිරීමට තීරණයකර ඇති බවයි. ඊට අදාළ තොරතුරු 1997 අංකය ඔස්සේ පොලිසිය වෙත ලබා දිය හැකි බවත් ඒ මහතා මහජනතාවට දන්වා සිටියි.