19 රැකගෙන 20 පරාජය කරන්න සමගි ජන බලවේගය පෙළ ගැසේ

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශක්තිමත් කරමින් පුරවැසියන් ශක්තිමත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් විසිවන සංශෝධනයක් ඉදිරිපත් කිරීම ඒකාධිපති පාලකයෙක් බිහි කිරීමේ ආරම්භය බව සමගි ජන බලවේගය පෙන්වා දෙයි.

එබැවින් මේ මොහොතේ සියලු දේශපාලන මතවාද පසෙකලා දහනව වන සංශෝධනයෙන් ඔබ්බට එය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන සියළු බලවේගවලට එක පෙරමුණකට ඒකරාශී වන ලෙසට සමගි ජන බලවේගය ඉල්ලා සිටී. එම පක්ෂය වැඩි දුරටත් කියා සිටින්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සුරක්ෂිත කිරීමටත් එය ශක්තිමත් කිරීමටත් සහයවන ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *