පාර්ලිමේන්තුවේ එන්ජීඕ බළල් අතක්

පාර්ලිමේන්තුවට මේ වන විට අමෙරිකාව ආදී රටවලින් ආධාර ලැබෙන බවත් ඊට රාජ්‍ය නොවන සංවිධානවල සම්බන්ධයක් ඇති බවත් අද(28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පැවසීය.
පාර්ලිමේන්තුවෙන් ලබාදුන් පොතක්ද එක්සත් ජාතීන්ගේ ආධාර බව සටහන් කරමින් ලබාදී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මෑතකදී ස්ථාපිත කළ පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයේ ප්‍රධානියා ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැශනල් ආයතනයේ සේවය කළ එන්ජීඕ සම්බන්ධ අයකු බවද මේ හේතුවෙන් ස්වාධීන උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවට විවිධ රටවල බලපෑම් සිදුවන බවත් කුමාරතුංග මහතා පෙන්වා දුන්නේය.

මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලින් විශාල වශයෙන් භාණ්ඩ පාර්ලිමේන්තුවට ලැබෙමින් පවතින බවද එහි ආරංචි පවසයි. සන්නිවේදන අංශයට බඳවා ගැනීමද විනිවිද බාවයකින් සිදු නොවී ඇති අතර හිටපු කතානායකවරයාගේ පුද්ගලික වුවමනාවට එම කටයුතු සිදුවී ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *