‍අය වැයට පෙර 20 වැනි සංශෝධනය ගේනවා – ජී එල් පීරිස් කියයි

නොවැම්බර් මස අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නට බලාපාරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ඒ මහතා පෙන්වාදෙන්නේ වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට බවත්, නැවත 21 වැනි සංශෝධනයක් ගෙන ඒමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.

වසර 42 කට පසුව රටට ගැළපෙන, කාලෝචිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම රජයේ අරමුණ බවත්, 20 සංශෝධනය හරහා 19 වන සංශෝධනයේ ඇති ව්‍යාකූල තත්ත්වයන් ඉවත් කර එහි තිබෙන හොඳ දේවල් වෙනස් නොකිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *