හොරණ රෝහලේ කොවිඩ් ආසාදිතයින් පිළිඹද ඇත්ත තත්වය පැහැදිළි කරයි

කොවිඩ් ආසාධිත හෙදියක් පසුගිය දා හඳුනා ගැනීමත් සමග හොරණ මූලික රෝහළ පිළිඹද විවිධ වාර්තා පළවී තිබුණි. ඒ සම්බන්ධයෙන් හොරණ මුලික රෝහලේ, රෝහල් අධිකාරී වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පවසා සිටින්නේ මේ වන විට කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ එක් හෙදියක් පමණක් බවයි.

අදාළ හෙදිය කොවිඩ් ආසාධිත තත්වය පොසිටිව් වුණ සැණින්ම එම හෙදියගේ පළමු ස්පර්ශකයින් හඳුනා ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව 41 දෙනෙකු පළමු ස්පර්ශකයින් ලෙස හඳුනාගෙන පීසිආර් පරීක්ෂණවලට යොමුකරීමෙන් අනතුරුව එම පරීක්ෂණ වාර්තා සියල්ල නෙගටිව් තත්වයේ බවට තහවුරු වූ බවත්, වෙනත් කිසිදු ආසාදිතයෙක් හොරණ මුලික රෝහලේ නොමැති බවත් වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *