හෙරොයින් අලෙවි කරමින් සිටි “චූටි නංගි” අත්අඩංගුවට

“චූටි නංගී” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 24 හැවිරිදි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 08ක් සමග මහියංගනය පොලීසිය විසින් ඊයේ (14) සවස අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් මිලදීගත් හෙරොයින් ග්‍රෑම් 3ක් ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයට රැගෙන යමින් සිටි තවත් සැකකරුවෙක්ද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව මහියංගන පොලිසිය පවසයි.

මෙම සැකකාරිය පදිංචි මහියංගනය පූජා නගරය දොඩම්වත්ත, ගෙවල් 20 ප්‍රදේශයේ පදිංචි නිවස අසල හෙරොයින් අලෙවි කරමින් සිටියදී පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් විකුණා ලබාගත් මුදල් බවට සැකකරන රුපියල් 208,000 ක මුදලක් ද ඇයගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *