හුදෙකලා කොට වසා දැමූ ප්‍රදේශ නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා සහාය

ශ්‍රී ලංකා යුද හමුදාවේ පරිහරණය පිණිස ඊයේ (15) සවස අකුරේගොඩ පිහිටි යුධ හමුදා මූලස්ථානයේ දී යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ඩ්‍රෝන කැමරා ප්‍රදානයක් සිදු කරනු ලැබීය. ඒ CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා විසින්. මෙම අවස්ථාවට ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ද එක්ව සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හා පැවති සාකච්ඡාවකදී කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ දී හුදෙකලා කොට වසා දැමුනු ප්‍රදේශ (lockdown area) නිරීක්ෂණය කිරීමේ කටයුතු සදහා යුද හමුදාවට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අවධාරණය කර සිටි බවත් ඒ අනුව CameraLK ආයතනයේ අධිපති අනුෂ්ක ගුණසිංහ මහතා⁣ගෙන් ඒ සදහා මැදිහත් වෙන ලෙස තමන් කළ ඉල්ලීම අනුව මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු වූ බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මෙම කැමරා ප්‍රදානයෙන් පසුව පැවති සාකච්ඡාවක දී යුද හමුදාපතිතුමන්, යුද හමුදාව තුළ ඩ්‍රෝන රෙජිමේන්තුවක් ආරම්භ කිරීම පිළිබදව කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අනුව එම කටයුතු සදහා පහසුකම් සැපයීමට තම ආයතනය බාරගත් බවත් මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු කළ අනුෂ්ක ගුණසිංහ මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *