හිටපු අමාත්‍ය ඩග්ලස් රිමාන්ඩ්

රජය නීත්‍යානුකූලව ලබා දුන් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පාතාල කල්ලි සාමාජිකයකු අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  හිටපු අමාත්‍යවරයකු වූ ඩග්ලස් දේවානන්දා  ජනවාරි 9 වැනි දින දක්වා රිමාන්ඩ්  භාරයට පත් කරන ලෙස ගම්පහ වැඩබලන මහේත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය අද නියම කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයකු වන මියගිය මාකුදුරේ මදුස් නැමැත්තාගේ සමීප සමීපතමයකු අතට එම ගිනි අවිය පත්ව ඇති බවය.

මේ සම්බන්ධයෙන් එකී ගිනි අවිය මෙම පාතාල කල්ලි සාමාජිකයා අතට  පත් වූයේ කුමන ආකාරයකින්ද යන්න පිළිබඳව ඩිදුරටත් සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *