කටුනායක යානයකත් බෝම්බ බියක්

දෝහා කටාර් සිට පැමිණෙන ගුවන් යානයක ගුවන් මගි වෙස් ගත් පුද්ගලයන් සිව් දෙනකු බෝම්බ පුපුරවාගෙන සිය දිවි හානි කර ගැනිමේ සූදානමක් පවතින බවට ලද ඊ මේල් පණිවිඩයක් අනුව සිදු කළ පරික්ෂාවේදී එවැනි සැක සහිත කිසිවක් හමු නොවු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය.

දෝහා හි පිහිටි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කළ එම ගුවන් යානය අද  අලුයම 1.44 ට පමණ  කටුනායක බන්ඩාරනායක ජාතයන්තර ගුවන් තොටුපොළ බලා පැමිණි යානයක එම බෝම්බ ඇති බවට ඊමෙල් තොරතුර ලැබී ඇත.

එම ගුවන් යානය තුළ බෝම්බ පුපුරවාගෙන සිය දිවි හානි කර ගැනිමට සුදානම්ව ගුවන් මගි සිව් දෙනකු ගුවන් යානයේ ගමන් කරන බවට යානය ගුවන් ගත විමෙන් පසුව කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විද්‍යුත් තෑපෑල වෙත ලද පණිවිඩයක් ලැබීම හේතුවෙන් එම ගුවන් යානය හදිසි ගොඩ බෑමක් සිදුකර පරික්ෂාවට ලක්කළ බව පොලිසිය සඳහන් කරයි .

එම ගුවන් යානයේ ගුවන් මගින් 245 ක් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 10 දෙනකුද , යානයේ නියමුවන් දෙදෙනකු ද  පැමිණි ඇති අතර ගුවන් යානය ගොඩ බැස්ස විමෙන් පසු ගුවන් හමුදාවේ බෝම්බ නිශ්කිය විසින් පරීක්ෂා කර ඇත.

එම ගුවන් යානයේ බෝම්බ හෝ එවැනි සැක සහිත කිසිවක් තිබි නැතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *