හිඟයකින් තොරව රටටම සහල් සපයන්න ප්‍රධාන වී මෝල් අත්‍යවශ්‍ය සේවා යටතට

රට තුළ ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය හමුවේ සහල් හිඟයක් ඇති නොවීමටත් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ප්‍රධාන පෙළේ සියලු වී මෝල් නොකඩවා විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවේදීයි. රටේ ප්‍රධාන ආහාරය සහල් වන බැවින් හා මේ වන විට ජනතාවට අවශ්‍ය තරම් වී තොග තිබෙන බැවින් කිසිඳු අවස්ථාවක රට තුළ සහල් හිඟයක් ඇතිවිය නොහැකි බවත් ඇති වී තිබෙන හදිසි තත්ත්වය හමුවේ වෙළෙඳපොළ තුළ හිඟයකින් තොරව සහල් නිෂ්පාදනය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අනුව වී මෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *