හැටන් ප්‍රදේශයෙන් තවත් ආසාදිතයින් 25ක්

හැටන් පොලිස් බල ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 25දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් ඊයේ දින හඳුනාගෙන ඇති අතර, එම පිරිසෙන් ආසාදිතයන් 14දෙනෙකු හැටන් දික්ඔය නගර සභා සිමාවට අයත් වේ.

දික්ඔය නගරයේ පිහිටි පෞද්ගලික පාසලක විදුහල්පතිවරයෙකුට මීට ඉහත දී කොවිඩ් ආසාදනය වී ඇති අතර, ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමුකළ අවස්ථාවේ දී පවුලේ සාමාජිකයින් 5දෙනෙක් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබේ.

හැටන් විල්ප්‍රඩ්පුර, හිල්සයිඩ් විදියි , කුඩාගම, පැන්මුර් සහ ඩන්බාර් යන ප්‍රදේශවලින් සෙසු ආසාදිතයන් හමු වී ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *