“ස ෆේල්” යැයි කියමින් විපක්ෂ නායක සජිත් ඇතුළු පිරිස විරෝධතාවක

විදේශගතව සිටින මෙරට ලාංකිකයින් ගැන අවධානය යොමුකර ඔවුන් මව්බිමට ගෙන්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු, මහජන නියෝජිතවරු ඇතුළු පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී අද (07) විරෝධතාවයක යෙදී තිබේ.

පස්වරු 4.00ට පමණ රැස්වූ විරෝධතාකරුවන් පැයක පමණ කාලයක් විරෝධතා සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූ අතර “රටවිරුවන් වහා ගෙන්වනු, ස ෆේල්” වැනි විරෝධතා පුවරුද එහිදී ප්‍රදර්ශනය කෙරිණි.

විරෝධතාවයට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ අදහස් දැක්වීය.

“එදා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මැතිවරණයට පෙර රට විරුවන් ලෙස මේ ආණ්ඩුව විසින් නම් කළත් අද ඔවුන් දුක් විදින අයුරු ආණ්ඩුව නොදැක්කා සේ සිටිනවා. ඒ වගේම මෙරටට ගෙන්වන විදෙස්ගත ශ්‍රමිකයන් පවා අද මාෆියාවකට හසුකොට තිබෙනවා. මේ නින්දාසහගත ක්‍රියාවලිය ආණ්ඩුව නවත්වා දැමියයුතුයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *