ගාල්ල බන්ධනාගාරයේ 37 කට කොවිඩ්

ගාල්ල බන්ධනාගාරයේ සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (06) දිනයේ තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසා සිටියි.

ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසා සිටින්නේ පෙරේදා (05) දිනයේ ගාල්ල බන්ධනාගාරයේ කාන්තා සිරකාරියන් 39 දෙනෙකු, පිරිමි සිරකරුවන් 06 දෙනෙකු බන්ධනාගාර නියාමකයින් 07 දෙනෙකු හා බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කර ඇති අතර, එලෙස පරික්ෂණවලට ලක්කළ 69 දෙනාගෙන් 37 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු බවයි.

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සිටි ගැබිණි මවකට පෙරේදා (05) දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගම මෙම පී.සී.ආර්. පරික්ෂණ සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *