“සෞභාග්‍යා ගෙවතු වැඩසටහන” යටතේ සහණ ණය යෝජනා ක්‍රමයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන සෞභාග්‍යා ගෙවතු වැඩසටහන යටතේ වගා කටයුතු වෙනුවෙන් “නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය” ලෙස නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට රජය කටයුතු කරයි.

මේ යටතේ බෝග වර්ග 36ක් සඳහා 4% පොලී අනුපාතය යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදල් ලබා දීමට නියමිතඅතර ආපසු ගෙවීමේ කාලය මාස 9කට යටත්ව ණය නිකුත් කරනු ලැබේ. රාජ්‍ය බැංකු මඟින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙසේ ණය ලබා දෙනු ලබන්නේ වී, මිරිස්, ලූණු, කව්පි, මුංඇට, උඳු, සෝයා, කුරක්කන්, බඩඉරිඟු, රටකජු, තල, සූරියකාන්ත, අල, බතල, මඤ්ඤොක්කා, කිරි අල, එළවළු, වම්බටු, බණ්ඩක්කා, බීට්, බෝංචි, ගෝවා, කැරට්, මාලුමිරිස්, තක්කාලි, ලීක්ස්, රාබු, නෝකෝල්, කරවිල, පතෝල, වට්ටක්කා, වැටකොලු, ඉඟුරු සහ උක් යන බෝග සඳහායි.

එඑමන්ම සෞභාග්‍යා ගෙවතු වැඩසටහන සඳහා එක් ගෙවත්තකට මෙම බෝග වගාව සඳහා රුපියල් 40,000ක උපරිමයකට යටත්ව 4% පොලියකට රාජ්‍ය බැංකු මඟින් ණය ලබා දීමට මහ බැංකු අනුමැතිය ද ලැබී තිබේ. මේ සඳහා රජයෙන් ගෙවන ණය සහනාධාරය 5%ක් වන අතර ණය ලබන්නාගේ පොලිය 4%ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *