සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනාධිපති ලේකම්ට ලියපු ලියුමෙන් ඡන්දය තියන්න පුලුවන් කියන කාරණාවට එකඟවෙන්න බෑ

සෞඛ්‍ය අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පී.බී. ජයසුන්දර මහතාට ලියපු ලියුමක් පාදක කරගෙන ඡන්දයක් පැවැත්වීමට පුළුවන් කියන කාරණාවට තමන් එකඟ නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි. ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසා සිටී.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රජයේ මෙවැනි ප්‍රකාශ වලට පදනම අනිල් ජාසිංහ මහතා විසින් පීබී ජයසුන්දර මහතා වෙත ලියූ ලිපියක් පමණක් බවත් එය නිල සෞඛ්‍ය ප්‍රකාශනයක් නොවන බවත්ය.

එමෙන්ම මෙරට කොරෝනා අවදානම පහව ගොස් ඇති බවට අනිල් ජාසිංහ මහතා විශ්වාස කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මුලින්ම කළ යුතුව ඇත්තේ නිශ්චිත තොරතුරු හා දත්ත සමගින්, කොරෝනා අනතුර පහව ගොස් ඇතැයි ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද යන්න වාර්තාවක් මගින් ඉදිරිපත් කිරීම බව පුබුදු ජාගොඩ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *