සියළුම සිල්ලර ඖෂධ හල් හිමියන් වෙත නිකුත් කරනු ලබන විශේෂ නිවේදනය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තුමන් විසින් සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කරනු ලැබ ඇත.

එම නිවේදනයේ සදහන් පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chloroquine සහ Hydroxychioroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දී තිබේ.

මෙම නියෝගයන් / උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්නිය යටතේ ඔහුට / ඇයට නඩු පවරනු ලබන බවද එහි වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *