සිංහල හින්දු අවුරුද්දට රජයේ සේවකයන්ට උත්සව අත්තිකාරම් නෑ

රාජ්‍ය සේවකයන් හට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබා දෙන උත්සව අත්තිකාරම් මෙවර ලබා නොදෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ඊයේ (26) දැනුම් දී තිබේ.

එහෙත් රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ලබන මස 8 වැනිදා ගෙවීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *