සැලකිලිමත් වන්න..! මුහුදු රළ ඉහළයාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීමේ අවදානමක්

මුහුදු ප්‍රදේශ සදහා වන අවවාදාත්මක නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (08) නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ ආසන්න වශයෙන් මීටර් 2ක් 2.5ක් පමණ (මෙය ගොඩමබිමට එන රළට අදාල උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මුහුද රළු ස්වාභාවයකින් යුක්තව ගොඩබිම වෙතට එම රළ පැමිණීමේ හැකියාවක්ද පවතී. එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. මෙම තත්වය හමුවේ ධීවර සහ නාවුක ප්‍රජාවට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටියි. ඒ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *