සහල් හිගයක් මතු කරමින් සහල් තොග සඟවාගෙන සිටින වී මෝල්හිමියන්ට එරෙහිව නීතිමය පියවර

සහල් තොග සඟවාගෙන සිටින වී මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අද (20) සිට දිවයින පුරා වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බව අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය. මේ වන විට වෙළඳපොළ තුළ සහල් හිගයක් මතුව ඇති අතර සම්බා, නාඩු සහ කැකුළු සහල් හිඟයක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *