සහල් සදහා පාලන මිලක්, ගැසට් නිවේදනය මේ සති අන්තයේ

සියලුම සහල් සඳහා පාලන මිලක් පැනවීමට පාරිභෝගික සුරක්ෂිතා අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්. ඒ අනුව මෙම සති අන්තයේ පාලන මිල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සම්බා සහ නාඩු සහල් රුපියල් 98 ක් ලෙස සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර කැකුළු සහල්වල උපරිම සිල්ලර මිල රුපියල් 93 ක් ලෙස සඳහන් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *