සහන මිළට දීමට යන සහල් වල ගුල්ලන්

සහතික මිලට සහල් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ සඳහා එරාවුර් ප්‍රදේශයෙන් වැලිසර සතොස සහල් ගබඩාවට ගෙනා නාඩු සහල් කිලෝග්‍රෑම් 20,000ක් ගුල්ලන් ගසා තිබීම හේතුවෙන් ඉවත් කර තිබේ.

අද උදෑසන 9ට පමණ සතොස ගබඩාව වෙත පැමිණ ඇති එම කන්ටේනර් රථය තත්ත්ව පරීක්ෂාවට ලක්කිරීමේ දී හාල්වල ගුල්ලන් සිටිනු දැක ඇත.

පසුව එම කන්ටේනරය ඉවත් කළ බවත් එම සහල් අයිතිකරු විසින් තවත් කන්ටේනර් රථ 3ක් එවා ඇත.

සහතික මිලට සහල් ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම සඳහා එම ගබඩා සංකීර්ණයට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද අද දහවල් පැමිණ තිබුණි.

අමාත්‍යවරයාගේ පැමිණීම ආවරණය කිරීම සඳහා එහි ගොස් සිටි අප වාර්තාකරුවන් ට ගුල්ලන් සහිත හාල් පරීක්ෂාවට ලක්කරන ආකාරය දැකගැනීමට හැකිවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *