සයිනොෆාම් එන්නත පළමු වර ලබා ගත් පිරිසට පණිවිඩයක්

සයිනොෆාම්” එන්නතේ දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් තොග සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති බැවින් ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මේ වන විට “සයිනොෆාම්” එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා මාත්‍රා ලක්ෂ පහළව හමාරක තොගයක් ලැබී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් දැනුම්දෙන දිනයේ දී එන්නත් මධ්‍යස්ථානයට ගොස් එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බව ඔහු පෙන්වාදෙයි.

ස්පුට්නික් එන්නත පළමුව ලබාදුන් 15,000ක පිරිස සඳහා දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් තොග ද අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර ඉදිරියේ දී එම එන්නත්කරණ කටයුතු ආරම්භ කරන බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *