අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති දූෂණ නඩුවකට අදාළව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා මෙම නියෝගය නිකුත් කළේය.
අදාළ නඩුව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් බෝගොල්ලාගම මහතාට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබියදී, අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.


