අත්හිටුවා සිටි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කොසල සේනාධීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඔහුට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් නිදහස් කර ඇති අතර, හිඟ වැටුප්ද සමඟ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අනුයුක්ත කර ඇත.
සේනාධීර මහතාගේ නිල නිවස සඳහා නීති විරෝධී ලෙස විදුලිය හා ජලය ලබාගෙන ඇති බවට එල්ල වූ චෝදනා මත ඔහුගේ සේවය 2024 ජූලි 10 වැනිදා සිට අත්හිටුවා තිබිණි.
අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ මාස 27ක් පුරා පැවති විධිමත් දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.
එම විමර්ශනයේදී සාක්ෂිකරුවන් 20කට වැඩි පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබේ.
කොසල සේනාධීර මහතා අධිකරණ ක්ෂේත්රයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම මහේස්ත්‍රාත්වරයා ලෙසද කටයුතු කරයි.


