සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව අද මැතිවරණ කොමිසමට යොමු කෙරේ

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මේ වනවිට සකස් කර අවසන් බවත්, අදාළ නාම ලේඛනය අද (13) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිත බවත් එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (12) පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සමගි ජන බලවේගයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ක් හිමිවූ අතර ඒ සදහා එක්ව සිටින සුළු පක්ෂවලට ද අවස්ථාවක් ලබාදිය යුතු බවට එම පක්ෂවල නායකයින් ඉල්ලීම් කිරීමත් සමග ජාතික ලැයිස්තු නම් කිරීමට ප්‍රමාදය ඇති විය.

ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය නම් කර ඇති බව වාරතා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *