ෂෝන් මාෂ් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ලෝකෙම ආදරය දිනූ ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් මාෂ් ගත් විශේෂ තීරණයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඒ BBL තරගාවලිය අතරතුරදී ඔහු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට නිවේදනය කිරීමත් සමග ඔහු පිළිබඳව මෙලෙස විශේෂ අවධානයක් යොමුව ඇත.

ෂෝන් මාෂ් නිවේදනය කර ඇත්තේ  Sydney Thunder සමග පැවැත්වෙන තරගය සිය අවසන් ක්‍රිකට් තරගය බවය.

ඒ අනුව ෂෝන් මාෂ් පවසන්නේ තමන් වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ බවය.

මෙම තීරණයේ විශේෂත්වය වන්නේ BBL තරගාවලියේ Melbourne Stars කණ්ඩායම සමග ඊයේ (13) වනදා පැවති තරගයේ වීරයා වීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගැන ප්‍රකාශයට පත්කිරීමය.

එහිදී Melbourne Renegades කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ෂෝන් මාෂ් හතරේ පහර 4ක් සමග පන්දු 49කදී ලකුණු 64ක් රැස්කරගනිමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *