“ශිෂ්ටාචාරමය නිවුන් රටවල් ලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතුයි” රාජ්නාත් සිං

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එම සාකච්ඡා ඉතා ඵලදායී වූ බව සඳහන් කළ රාජ්නාත් සිං මහතා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප හවුල්කාරීත්වයද යළි අවධාරණය කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබ පැතුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිරිනැමූ රාජ්නාත් සිං මහතා, ජනාධිපතිවරයාගේ රජය වසර දෙකක් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන්ද සුබ පැතුම් පළ කළේය.

“ශිෂ්ටාචාරමය නිවුන් රටවල්, සමීප අසල්වැසියන් සහ සාගර හවුල්කරුවන්” ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙරටේ සංවර්ධනය සහ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් අඛණ්ඩව එක්ව කටයුතු කිරීමට කැපවී සිටින බවද ඔහු පැවසීය.

කලාපයේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය, සාමය සහ සමෘද්ධිය තහවුරු කිරීම සඳහා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති අධිෂ්ඨානයද මෙම සාකච්ඡාවේදී යළි තහවුරු කළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියේ දින තුනක නිල සංචාරයක් ආරම්භ කරමිනි. එම සංචාරය සැප්තැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *